පසුගිය දිනවල ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් දැඩි ලෙස අබලන් වූ මාර්ග පිළිසකර කරදී මගී ගමනාගමනය යථා තත්වයට පත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.
මේ අනුව 61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වේලන්කුලම්, ඉරනයිලුප්පයිකුලම්, කක්කායන්කුලම් සහ පෙරියවලයන්කඩ්ඩු යන ප්‍රදේශයන්හි ජිවත්වන දහස්ගණනක් ජනතාවගේ ගමනාගමන කටයුතු වව්නියාව මන්නාරම් මාර්ගයේ පුවරසන්කුලම් සිට මුලතිව් තුනුක්කායි දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම දින දෙකක් පුරාවට සිදු කරනු ලැබීය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජේ. තිලකරත්න ගේ මූලිකත්වයෙන් එම සේනාංකයේ සෙබළුන්ගේ ශ්‍රමදායකත්වයෙන් නැවත පදිංචි වැසියන්ගේද සහය ඇතිව මාර්ගය පිළිසකර කර දීමට පියවර ගන්නා ලදි.