යුද්ධයේදී මිය ගිය හා ආබාධ වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සාමාජිකයන් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 55ක් වන තෙක් ගෙවන ලද වැටුප් හා දීමනා, ආබාධිත සාමාජිකයා ජීවත්ව සිටින තෙක් හා මියගිය සාමාජිකයාගේ යැපෙන්නන් ජීවත්වන තෙක් ගෙවීමට රජයේ අවධානය යොමුව තිබේ.
යුදමය වාතාවරණය පැවැති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත ප්‍රදේශ ලෙස නම් නොකළ ප්‍රදේශවල රාජකාරී යෙදී සිටියදී සෘජුවම ත්‍රස්තක්‍රියා හේතුවෙන් මිය ගිය ත්‍රිවිධ හමුදා හා පොලීසියේ සාමාජිකයන් සඳහා මෙම වරප්‍රසාදය හිමිවෙයි.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක ආමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව වෙනත් රාජ්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ අධ්‍යනය කර නිර්දේශ වාර්තාවක් ඉදිරිපත් කිරිම සඳහා අමාත්‍යාංශ නියෝජනය කරමින් අමාත්‍ය අනුකමිටුවක්ද පත්කළේය.
මෙම අනුකමිටුව රාජ්‍ය පරිපාලන, ආපදා කළමණාකරණ, පශු සම්පත් කළමාකරණ අමාත්‍යංශයේ නියෝජිතයෙක් (සභාපති), මුදල අමාත්‍යාංශ ලේකම් විසින් පත්කරන නියෝජිතයෙක් (සාමාජික), විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් (සාමාජික), ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විසින් පත්කරන නියොජිතයෙක් (කැඳවුම්කරු) යන අයගෙන් සමන්විත විය.
මෙම අනුකමිටුවේ ඉදිරිපත් කළ නිර්දේශ සියල්ල අධ්‍යනය කොට සකස් කරන ලද අවසන් අනුකමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරිමට හැකිවන පරිදි අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත මෙම සතිය තුළ ඉදිරිපත් කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.