යුද්ධය හා විවිධ හේතූන් මත ආබාධිත තත්ත්වයන්ට පත් වූ අඩු ආදායම්ලාභි වැසියන් වෙනුවෙන් නොමිලේ කෘත්‍රිම අත් හා පාද ලබා දීමේ උතුම් වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන මහතාගේ උදාර සංකල්පයකට අනුව 21, 54 හා 61 සේනාංක බලප්‍රදේශයන්හි ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් හැන්ඩිකැප් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් කෘත්‍රිම අත් හා පාද ලබා දීමේ වැඩසටහන වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවත්වුණි.
රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් මෙම කෘත්‍රිම අත් හා පාද ලබා දීම මගින් ආබාධිත වූවන්ගේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරලීමට හැකිවනු ඇති බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
ආබාධිත වූවන් වෙනුවෙන් කෘත්‍රිම අත් පා ලබා දීමේ උත්සව අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ද ඊට අමතරව හැන්ඩිකැප් ආයතනයේ ශාන්ත අත්නායක මහතා සහ නියෝජිතයින් පිරිසක්ද, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ බිග්‍රේඩියර් හරෙන්ද්‍ර රණසිංහ කර්නල් ජේ.බී. රන්දෙණිය, කර්නල් රණහේවා, ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ජානක රත්වත්තේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් කිත්සිරි පිරිසක් සහභාගී විය.