දෙයියන්දර - හක්මන මාර්ගයේ පිටවල්ගමු ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවතක්ෂයට පත්ව ඇත.
කැලුම් සඳරුවන් (16) හා ඉන්ද්‍රජිත් කුමාර (19) යන කළුවලාකැටිය, දෙනගම පදිංචි සිසුන් දෙදෙනෙක් මෙසේ ජීවතක්ෂයට පත්ව ඇත. අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. අද (04දා) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත.