දොඩංගොඩ ගාල්ල මාර්ගයේ තෙලිකඩ ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රි යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටි සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා ජිවීතක්ෂයට පත්වී ඇතැයි තෙලිකඩ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් බද්දේගම අකුරටිය උදාකල ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.කේ. සමිර මධුශංක (21) නැමැති තරුණයෙකි.
ගාල්ල දෙසින් පැමිණි යතුරුපැදිය දොඩංගොඩ සිට ගාල්ල දෙසට ගමන් ගත් මෝටර් රථයේ ගැටි ඇති බවත් අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබු තරුණයා බද්දේගම රෝහලට රැුගෙන එන අතරතුරදී මියගොස් ඇති බවත් පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේද සිව්දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් හට කිසිදු තුවාලයක් සිදුව නැත. එම පිරිස මංගල්‍ය උත්සවයට සහභාගි වී ආපසු ගාල්ල ප්‍රදේශයේ පිහිටි නිවෙස බලා යමින් සිටඇති අතර මියගිය යතුරුපැදිකරු ගාල්ල ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට ගොස් ආපසු බද්දේගම අකුරටිය ප්‍රදේශයේ සිය නිවසට වෙත ගමන් කරමින් සිට ඇත.
මෝටර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තෙලිකඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
බද්දේගම - සරත් ආනන්ද