යකඩ කර්මාන්තශාලාවකට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක
මාදම්පේ ප්‍රදේශයේ මාදම්පේ- බුවල්කා නමින් පවත්වාගෙන යන ඉන්දියන් සමාගමකට අයත් යකඩ උණු කරන ආයතනයකට විරුද්ධව ඊයේ (20දා) දිනයේදී ඒ අවට ප්‍ර‘දේශවාසීන් එක්ව ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.
මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් අවට සිටින සිටින ජනතාව සහ දරුවන් රෝගීන් බවට පත්ව ඇති බවත්, බීමට ජල පොදක් පවා ගැනීමට නොහැකි යැයි විරෝධතාකරුවෝ පැවසූ අතර, මෙම ජනතා ප්රශ්නය පිළිබඳ බලධාරීන් දැනුවත් කර ඇතත් ඊට කිසිදු විසඳුමක් මෙතෙක් ලබාදී නොමැති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
මෙම අයතනය පවත්වා ගෙන යෑම සඳහා ඇතැම් දේශපාලනඥයෝ සහාය දෙන බවත්, මාදම්පේ ජනතාව වෙනුවෙන් සහ ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙන් වසර ගණනාවක් පවත්වාගෙන යන යකඩ උණු කිරීමේ ස්ථානය නමින් හඳුන්වන බුවල්කා ආයතනය වහා තහනම් කර දෙන ලෙස විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
වඩුමුන්නේගෙදර - ටී.පී. අධිකාරි/ ප්‍රියාණි මංගලිකා


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

