යකා සම්පත් අත්අඩංගුවට
- 23 08 2020
- 09:56
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
බත්තරමුල්ල සුබිත පුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නමැත්තා හොරොයින් මත්කුඩු ,තියුණු ආයුධ ,ගිනිඅවි සමග ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි. සැකකරු සමග මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300, කඩු 2ක් ,මන්නා පිහි එකක්, ව්‍යාජ වාහන අංක තහඩු 2ක් , හඳුනා නොගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, යකඩ පොලු 2ක් පොලීසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට සැකකරු අපරාධ වාර්තා කොට්ඨාසය ට අවශ්‍යව සිටි පුද්ගලයෙක් බවත් ඔහුට විරුද්ධව ගිනි අවි ළඟ තබා ගැනීම වාහන මංකොල්ලකෑම් කප්පම් ගැනීම් මත්කුඩු ජාවාරම ආදී චෝදනාවන්ට අධිකරණ රැසක නඩු පවතියි.
අවුරුදු 41 වන සැකකරු කඩුවෙල අධිකරණ ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
