බදුල්ල , රිල්පොළ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රිල්පොළ මහ වංගුවේදී ඊයේ (17 දා) මැදියම් රැයේ අඩි 300ක පමණ ප්රපාතයකට පෙරළි අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් සිවු දෙනාගෙන් එක් අයෙක් මියගොස් අනෙක් තිදෙනා බරපතළ තුවාල ලබා තිබේ .
බදුල්ල මහරෝහලට රැගෙන යද්දී මරණයට පත්ව ඇත්තේ රිල්පොළ ,පන්සලවත්ත ඉලුක්තැන්න . ලිපිනයේ පදිංචිව සිටි ලංගම බදුල්ල ඩිපෝවේ බස් රියදුරෙකු වූ නිමල් දිසානායක (48) නැමති තිදරු පියෙකි .
රෝහලේ ප්රතිකාර ලබන තිදෙනාගේද තත්ත්වය බරපතළ බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
මාර්ගයේ ඉහළ කොටසේ සිට මහා ප්රපාතයේ දිගේ අඩි 300 ක් පමණ ප්රපාතයේ පිහිටි අතුරු මාර්ගයක් අසළට මෝටර් රථය පෙරළි තිබිණ .
මේ සිවුදෙනා පොහොට්ටුවේ ජය සමරා නිවෙස් බලා යමින් සිටියදී මෙසේ අනතුරට පත්වි තිබේ .
බදුල්ල පොලීසිය විමර්ශන සිදුකරයි .
බදුල්ලේ - පාලිත ආරියවංශ
