එන්ජින් ධරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පැන වූ බදු ඉවත් කළ හැකි නිශ්චිත දිනවකවානු දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.
2018වසරේ අයවැය මගින් ඉදිරිපත් කරන ලද යෝජනා අනුව එන්ජින් ධාරිතාව 1000ට අඩු හා හයිබ්‍රීඩ් වාහන බදු පෙරේදා(01දා) සිට ඉහළ දැමිණි.
එන්ජින් ධාරිතාව පහළ අගයක් ගන්නා වාහන අසීමාන්තික ලෙස රට තුළට ගෙන ඒම නිසා පාලනය කරගත නොහැකි මට්ටමේ වාහන තදබදයක් කොළඹඇතුළු ප්‍රධාන නගරවල ඇති වන බව අදාළ අංශ අවස්ථා ගණනාවකදීම රජයට වාර්තා කර තිබූ බවත්,එම තත්ත්වය හේතුවෙන් දැනටත් වාහන පාවිච්චි කරන්නන්ගෙන්ද රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල වන බවත්ටමුදල් අමාත්‍යාංශය අවස්ථා ගණනාවකදී කරුණු පෙන්වා දුන් බවත් එම කාර්යාලය සදහන් කළේය.
ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය සමග ප්‍රධාන වශයෙන්ම කොළඹනගරයේ වාහන තදබදය විශාල වශයෙන් අඩු කිරීමට හැකි බැවින් කුඩා වාහන සඳහා අය කළ බදු ඉවත් කළ හැකි වෙතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරුණු වාර්තා කර ඇති අතර,ඉහත ආකාරයට සියලු පාර්ශ්වයන් කළ දැනුම් දීම් පදනම් කර ගනිමින් එන්ජින් ධාරිතාව අඩු වාහන බදු අඩු කළ හැකි කාලවකවානුව නිශ්චිතව දැනුම් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
