මෝටර් රථ අපනයනයෙන් චීනය ජපානය අභිභවා යයි
වසරේ මුල් මාස තුන තුළ ජපානය අභිබවා යමින් ලොව විශාලතම මෝටර් රථ අපනයනකරුවා බවට පත්ව ඇති බව චීනය ප්‍රකාශ කළේය.
චීනය එම කාලය තුළ වාහන මිලියන 1.07 ක් අපනයනය කර ඇති අතර එය 2022 පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 58 කින් ඉහළ යාමක් බව බීබීසී වාර්තා කරයි.
ඒ අතරම, ජපානයේ වාහන අපනයනය පෙර වසරට වඩා සියයට 6 කින් ඉහළ ගියත් ඔවුන් අපනයනය කර ඇති වාහන ඒකක සංඛ්‍යාව 954,185 කි.
විදුළි මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම සහ චීනයේ වාහනවලට රුසියාවේ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙසේ චීනයේ අපනයන ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ චීනය ජර්මනිය අභිබවා ලොව දෙවන විශාලතම මෝටර් රථ අපනයනකරු බවට පත් විය.
චීනයේ රේගු සාමාන්‍ය පරිපාලනයට අනුව, ජර්මනියේ වාහන අපනයනය මිලියන 2.6 ට සාපේක්ෂව 2022 දී චීනය වාහන මිලියන 3.2 ක් අපනයනය කර ඇති බව බීබීසී වාර්තා කරයි.
ෆොසිල ඉන්ධනවලින් ඈත්වීම චීනයේ මෝටර් රථ කර්මාන්තයේ නැගීම සඳහා ඉවහල් වී ඇත.
විදුලි මෝටර් රථ ඇතුළත් නව බලශක්ති වාහන (NEVs) පළමු කාර්තුවේ අපනයනය පෙර වසරට සාපේක්ෂව සියයට 90කට වඩා වැඩි විය.
ටෙස්ලාගේ චීන හස්තය, SAIC -- MG සන්නාමයේ හිමිකරු - සහ ප්‍රවීණ එක්සත් ජනපද ආයෝජකයෙකු වන වොරන් බෆට්ගේ පිටුබලය ලබන BYD, චීනයේ NEVs හි ඉහළම අපනයනකරුවන් අතර වේ.
එලොන් මස්ක්ගේ විදුලි මෝටර් රථ නිෂ්පාදක ටෙස්ලාට ජපානය සහ යුරෝපය ඇතුළු ප්‍රදේශ වෙත අපනයනය කරන ෂැංහයි හි විශාල නිෂ්පාදන කම්හලක් ඇත.
ටෙස්ලා හි 'ගිගාෆැක්ටරි' දැනට වසරකට වාහන මිලියන 1.25 ක් නිෂ්පාදනය කිරීමට සමත් වන අතර, සමාගම ධාරිතාව තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කරයි.
බටහිර රටවල් මොස්කව් වෙත වෙළඳ සම්බාධක පැනවීමත් සමඟ යුක්රේන යුද්ධය ආරම්භයේ සිට රුසියාවට වාහන අපනයනය කිරිමට චීනය ආරමභ කළේය.
popular news
-
Kumar Saturday, 20 May 2023 02:34 PM
viduliwahanawala thibena eka warada gamana anthaye ehi athi battery piraveemeta (charge) thanak nathiveema. americawe California pranthe saama asakmullak naarama "Charging stations" thibenawa. ehwani pahasukam anek pranthwala hingayi. Anek hethuwa batteriya priweemata vinadi 30 pamana gatha wenawa. apey viharasthanayata yanna sathapum 200 (Km 320) gaman karnna oney. Apsu nivesata enna nawatha charge karanna oney. emanisa magey gamanwala viduliwahayak obinney naha. nagarabudha rakiyawakata yannanam hondayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

