කිසිදු දූෂණයකින් වංචාවකින් සහ අක්රමිකතාවයකින් තොරව මොරගහකන්ද කළුලඟ ව්‍යාපෘතියේ කටයුතු කි‍්‍රයාත්මක වීම පිළිබඳව ද සතුටු වන බවත් මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ ඉදිරියට ගැටලු මතු වුවහොත් සහ එහිදී දූෂණ වංචා සිදුවන බවට තොරතුරු ඇත්නම් තමාට පුද්ගලිකවම පැමිණිලි කරන ලෙස ද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවි ජනතාවට ආරාධනා කළේය.
ඒ සඳහා විශේෂ දුරකථන අංකයක් සහ ෆැක්ස් අංකයක් සහිත විශේෂ ඒකකයක් ලබන සතියේ සිට මාධ්‍ය ඔස්සේ හඳුන්වාදීමට කටයුතු කරන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා එමගින් සියලු පැමිණිලි තමා වෙත ඉදිරිපත් කළ හැකි බවත්, දේශපාලනඥයෙකු, රාජ්‍ය නිලධාරියෙකු හෝ කොන්ත්‍රාත් සමාගමක් යම් දූෂණ වංචාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවහොත් එම කිසිවෙකුට තමාගෙන් සමාවක් හිමි නොවන බවත් අවධාරණය කළේය.
කළුගඟ ජලාශයේ දියවර රැඳවුම් මංගල්‍යයට එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
