මොරගහකන්ද MR ගේ වැඩක් MS ට තිබුණේ ජලය පිරවීමට පමණයි
මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘතිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්මාණයක් බවත්, එහි ජලය පිරවීම පමණක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතිරිව තිබුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.
හෙතෙම මෙම අදහස් පළ කළේ කොළඹ අද (25දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
2007 වසරේදී ඉදිකිරීම් ආරම්භ වූ එම ජලාශය ඉදිරිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මුදල් ලබාදුන් බවත්,දේශීය මුදල් වැයකරමින් එම ව්‍යාපෘතිය අවසන් කිරීමට හිටපු ජනාධිපතිවරයාට උවමනාවක් තිබුණු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා සහයක් ලබානොදුන් බවට මොරගහකන්ද ජලාශය විවෘත කිරීමේ උත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා අසත්‍ය ප්‍රකාශ සිදුකළ බවත්, පසුගිය රජය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ නොකළා නම් ඔහුට සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.
popular news
-
Kumarasiri Wednesday, 25 July 2018 03:08 PM
සිරිසේන ජනාධිපති කියන දේවල් ගණන් ගන්නේ නැහැනේ කිසිකෙනෙක්. සිරිසේන ජනාධිපතිගේ හැටි ඔහොමමය
Reply : 0 0
Hemantha Wednesday, 25 July 2018 03:08 PM
අපරාදේ, මහින්ද රාජපක්ෂ සමුද්‍රය කියල නම දාන හිතන් ඉන්න ඇති.
Reply : 0 0
Ruwan Wednesday, 25 July 2018 03:45 PM
නිකන් ගොන් ජෝක් කරන එක නවත්වන්න මහත්තයෝ. ඔය මොන සල්ලි වියදම් කරත් අන්තිමට ගෙවන්නේ අපි. මහින්ද මහත්තය වරායෙන් ගත්ත සල්ලි ගෙවන්නෙත් අපි. ඔය මෝඩ තර්කය දැම්මොත් රනිල් තමයි අධිවේගී මාර්ගවල නිර්මාතෘ. ඔහු තමයි කොට්ටාවේ මුල් ගල තිබ්බෙත්.
Reply : 3 38
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
