මෛත්‍රීට හා රනිල්ට නොතිසි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම විසින් නොතිසී නිකුත් කර තිබේ.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළ ව සාක්ෂි ලබාදීම සඳහා ලබන 19 වැනි දා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඔවුන් දෙදෙනාට නොතීසි නිකුත් කර ඇත.
මීට අමතරව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු අදාළ පැමිණිල්ලේ වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින සෙසු පිරිසට ද එදින කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබේ.

popular news
-
Demuni Uduwara Thursday, 15 October 2020 09:31 PM
Revenge already started.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

