මෛත්‍රී ගේ ඇගයීමට ඩුටාර්තෙගේ සතුට
පිලිපීනය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙන යන සටන ඇගයීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්තේගේ සතුටට ලක්ව ඇත.
පිලිපීන ජනපතිවරයා සිය ජනපතිවරණ සටනේදී ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් එරටින් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම වෙනුවෙන් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මෙහිදී ඇතිවූ සටන්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ පිළිබඳව ප්‍රකාශයක් කරන පිලිපීන ජනපතිගේ ප්‍රකාශක හැරී රොකී පවසන්නේ,
“ අපි මත්ද්‍රව්‍යයට එරෙහිව කරන සටන අනෙකුත් රටවල්වල අවධානයට යොමුවීම සතුටට කරුණක්. ඔවුන් දකිනවා අපි නීතිවිරෝධී මත්ද්‍රව්‍යයට එරෙහිව හොඳින් කටයුතර කන බවට ඉතින් අපි ඒක අගය කරනවා” යනුවෙනි.
ඩුටාර්ටේගේ පාලන කාලය තුළ මේ දක්වා මරණයට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංඛ්‍යාව 4354ක් බව දැක්වෙන අතර 2016/07/01 දා සිට 2018/06/30 දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 147802කි.

popular news
-
Champa Friday, 13 July 2018 09:18 PM
ලැජ්ජයි. නින්දා සහගතයි. ලෝකේ වැඩියෙන්ම මිනිස්සු එල්ලලා මරණ රටවල් තමයි චීනේ, සෞදි අරාබිය, පකිස්ථානය, ඇමෙරිකාව, ඉරානය, ඉරාකය, සෝමාලියාව, ඊජිප්තුව වගේ රටවල්. පිලිපීනෙ කරන්නේ දුටු තැන වෙඩි තියල මරල දාන එක. ඒක ලෝක වාර්තාවක්. මත් කුඩු ඇති කියලා සැක හිතුනත් වෙඩි තියල මරනවා. ඉස්කෝලේ යන දරුවන් පවා වෙඩි තියල මරනවා. මේ මරණ මිනිස්සු ඔක්කොම දුප්පත් මිනිස්සු. බෞද්ධ අපේ රටයි පිලිපීනෙයි එක මට්ටමට වැටිච්ච එක ගැන හුඟක් කණගාටුයි.
Reply : 1 3
Champa Saturday, 14 July 2018 02:56 PM
4354ක් නෙමේ. පිලිපීන ආණ්ඩුවේ වාර්තා අනුවත් මිනිස්සු 12,000 කට වඩා මරල තියෙනවා දැනට. හරි ගාන 20,000කට වැඩියි කියලා කියන්නේ. මේ අවුරුද්දේ මාස 6 ට විතරක් මිනිස්සු 7000ක් මරලා. කවුද මේ අපේ ජනාධිපතිට උපදෙස් දෙන .....වා? කවදද මේ විදියට පිලිපීනෙ මිනිස්සු මරණ විදිය හොඳයි කියල පිළිගත්තේ? පිලිපීනෙ ජනාධිපති ධූරය දරන්න පුළුවන් එක පාරයි. ඊට පස්සේ මේ මිනිහ එක්කෝ හිරේ යයි. නැත්නම් වෙඩි කාල මැරෙයි. පිලිපීන මිනිස්සු කට අරින්නේ නැත්තේ බයට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

