මෛත්‍රී අඛණ්ඩව දේශපාලනයේ නියැලෙනවා - SLFP
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඛණ්ඩව දේශපාලනයේ නිරතව සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පක්ෂයට නායකත්වය ලබාදෙමින් මෙම කටයුතු සිදුකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
ලබාගත් නව ජයග්‍රහණය වඩා අර්ථවත් ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බවත්, ඉදිරි මාස තුනක කාලය තුළ පාර්ලිමේන්තුවට පැමිණේවිද නැද්ද කියා කීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.
මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමට බව පවසමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු කිහිපදෙනෙකු විවිධ වැඩකටයුතු කළ බවත්, ඒ සඳහා ජනතාව මේ වනවිට හොඳ පිළිතුරක් ලබාදී තිබෙන අතර, පක්ෂ විනය කඩකළ සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටියේය.
මේ වනවිට ඒ.එච්.එම්. ෆවුසි මහතාට විනය ක්‍රියාමාර්ග ගැනීමේදී වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවත්, අදාළ සමාජිකයාටත් අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

popular news
-
priyani Friday, 29 November 2019 03:22 PM
ලංකාවේ ප්‍රදාන පක්ෂයක ඇවර කරු තවම දේශපාලනයේ. අහෝ අවාසනවක මහත.
Reply : 0 1
nico Friday, 29 November 2019 04:16 PM
ඔහේලට පිස්සුද වැඩකට නැති මිනිහව ආයෙත් ගාවාගන්නේ. විකාර . පක්ෂේ නග්ගල ගනීවි බලන් ඉන්ඩල. අගේ දේශපාලනය හැබැයි වැඩ බැහැ
Reply : 0 1
Champa Friday, 29 November 2019 07:23 PM
හොර පාරවල් වලින් පාර්ලිමේන්තු එන්නේ නැතුව එහෙනම් පුළුවන් නම් මහින්ද වගේ චන්දෙට ඉල්ලලා එන්න කියන්න.
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

