ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ වසර අවසන් වන විට ඉන්ධන ආනයනයට ඩොලර් බිලියන 6 ක් වැයවෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා කීය. ජනපතිවරයා මේ බව පැවැසුවේ අද (23) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනයට එක් වෙමිනි.
" මැදපෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වය හමුවේ අපට අනපේක්ෂිත බලපෑමකට මුහුණ දීමට සිදු වුණා. පසුගිය වසරේ තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 4ක් වැය වූ අතර, මෙවර අගෝස්තු අවසන් වන විටත් ඩොලර් බිලියන 4ක් වැය වී තිබෙනවා. වසරෙන් තුනෙන් දෙකකදී ඩොලර් බිලියන 4ක් වැය වූ බැවින් වසර අවසාන වන විට එය ඩොලර් බිලියන 6 ඉක්මවා යා හැකියි. එම නිසා ඩොලර් සඳහා ඇති වන තෙරපුම පාලනය කරගැනීම අප හමුවේ ඇති ප්රධාන අභියෝගයයි."
