මේ වගේ නායකත්වයක් තිබෙනවානම් පක්ෂයේ ඉන්නේ නෑ
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු වෙනස් නොවන්නේ නම් තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීම පිළිබඳව තීන්දුවක් ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ඇත්ත බොරුව කරන්නත් බොරුව ඇත්ත කරන්නත් මාධ්‍යයට වැඩි හැකියාවක් තිබෙනවා.
මේ පරාජය තුළ ලොකු ජයග්‍රහණයක් අපිට තිබෙනවා. මේ අවස්ථාවේ අපි ජයග්‍රහණය කළා නම් මිනිස්සු අතර ගැටලුවක් ඇතිවෙනවා.
ජාතිවාදය කොතරම් දුරට ව්‍යාප්ත වෙලා තිබුණද කියලා ප්‍රතිඵලයෙන් තිබුණා. අපේ අපේක්ෂක්තවය නිසි තැනට නිසි වෙලාවට දුන්නේ නෑ.
මේ වගේ නායකත්වයක් තිබෙනවානම් අපි තවදුරටත් දේශපාලනයේ ඉන්නේ නෑ. මංගල සමරවීර මහතා කියන දේ කෙලින් කියන කෙනෙක්. එයින් අපිට බලපෑමක් ඇති වෙන්න පුළුවන්.
අපිට එන්න දෙන්නේ නැත්නම්, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශාපාලනය කෑවේ අපි කියලා කියනවානම් මට ඉන්න බෑ. මම අනිත් පැත්තට යන්නේ නෑ.
පක්ෂයක් ලෙස එතුමට සහාය දුන්නද කියලා සජිත් ප්‍රේමදාස මහත්තයට කලකිරීමක් ඇති.
මටත් ජනපති ලේකම් කාර්යාලයෙන් කෝල් එකක් ආවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමට එන්න කියලා.
හැබැයි එතනට ගිය අයට හූ කිව්වා. ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරය තෝරා ගත්තේ පිවිතුරු බව වෙනුවෙන්. නමුත් හූ කියලා ඒක විනාශ කළා.
සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය ගැන හෙට තීන්දුවක් ගන්නවා. පක්ෂයේ තිබෙන තනතුරු වෙනස් නොවුණෙත් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලයෙන් සමුගනීවි. එය කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.
නම් කිහිපයක් කිව්වා ඒ අය යනකම් දේශපාලනය කරන්නේ නෑ කියලා. ඒ කණ්ඩායම අපිට ඉඩ දෙන්නේ නැත්නම් යන්න පාරක් හොයා ගන්න ඕන.
මේ පරාජයට මූලික වුණ කෙනා කියලා තිබුණා සජිත් ප්‍රේමදාස මහත්තාගේ දේශපානය විනාශ කළා කියලා”

popular news
-
wimal Wednesday, 20 November 2019 02:26 PM
සුදුසු නැති අය ඇමතිකම් වලට පත් කිරීමේ ප්‍රති විපාක.
Reply : 2 2
Rohan Thursday, 21 November 2019 03:39 PM
දැන් ඉතින් හොර සිගරට් හොර අරක්ක˛ ඇමති වෙමු නේද කන්කෝටා අපි නම් හිත˛වේ මු හොඳ කොල්ලෙක් කියලා බලාන යන කොට මු සක්කිලි වන සතෙක්නේ මොන රඡය උනත් කමක්නෑ අපේ මඩිය තර වෙනවානම් නෙද ගොන් නාම්බෝ....රටේ බල්ලෝ ඕනි තරමක් ඉන්නවා ඌන්ට කන්න දුන්නාම නක˛ට හරි වනලා කෙලේහිග˛ණ දක්වනවා.ඒ වුණාට පිස්සු බල්ලා කෙලේහි ග˛ණ දන්නේ නැත මේ ඉන්නෙත් කෙලේහි ග˛ණ නොදත් ඒ ගණේ පිස්සු බල්ලන්.........
Reply : 0 1
NSK Monday, 25 November 2019 10:30 AM
රටේ සංවර්ධවනයට එරෙහිව කකුලෙන් අදින, අදහස් දක්වන හා සත්‍ය වසන් කරන / අසත්‍ය වපුරන පක්ෂ, විපක්ෂ, සිංහල, දෙමල, මුස්ලිම් හෝ වෙනයම් වර්ගයක දේශපාලකයින් ඊලග ජන්දයෙන් අතුගා දැමීමට රටට ආදරය කරන උතුම් ලාංකිකයන් ලෙස ජාති ආගම් බේදයකින් තොරව අදිටන් කර ගනිමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
