මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන පවත්වනවා - නවීන්
මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන පැවැත්වෙන බවත් ඒ නිසා යහපාලන ආණ්ඩුව යටතේ කොතරම් ප්‍රමාණයක් වනය විනාශ කර තියනවාද නැද්ද පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් ජනතාවගේ දැනගැනිම සඳහා ලබා දෙන ලෙස තමන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය අධිනීතිඥ නවින් දිසානායක මහතා පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) වතුකරයේ ජනතාව දැනට ජීවත්වන ලයින් කාමර ජීවිතයෙන් මුදවාගෙන ඔවුනට ඉඩම් අයිතියද සැබෑ නිවසක හිමිකාරිත්වය ලබා දීම සඳහා ඇල්කඩුව වතු සමාගමේ සේවකයන් හට හරිත භූමි ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
අධ්යක්ෂ ජනරාල් විසින් ලබා දෙන ඒ වාර්තාව ගැන කතා කරන්න පුළුවන්. දැන් මහ ලොකුවට විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන තියනවා. ඒවාට බොහෝ අවස්ථාවල දේශපාලන න්‍යාය පත්රයන් තියනවා. රජයට විරුද්ධව මඩ ගහනවා. නමුත් අපි කවුරුත් මරලත් නැහැ මරන්නෙත් නැහැ. සම්පුර්ණ මාධ්‍ය නිදහස තියනවා. මෙවැනි ප්‍රජාතත්න්‍රවාදි රටක් දකුණු ආසියාවේ නැහැ.
මම ඉතාමත් සංතෝෂ වෙනවා ඇල්කඩුව වැවිලි සමාගමේ මගින් ඉඩම් ඔප්පු ලබා දිමට හැකිවිම ගැන. විශේෂයෙන් ඇල්කඩුව වැවිලි සමාගම මාගේ අමාත්‍යංශය යටතේ ගැසට් කළායින් පසුව සහභාගි වන ප්‍රථම උත්සවය මෙයයි. මම බලාපොරොත්තු වෙනවා නිතර මෙම ආයතන ගැන සුපරික්ෂාකාරිව ඉන්න. පෙර දැනුම් දිමකින් තොරව මෙම ආයතන වෙත එන්න බලාපොරොත්තු වෙනවා.
අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඉන්දිය රජයේ ආධාර රැගෙන වතු සේවකයින් සඳහා නිවාස හතලිස්දහසක් ලබා දෙන්න. අපි ඒ ඉලක්කයට යනවා. අපි දකිනවා දමිළ ජනතාව වතු සේවක සේවිකාවන් වතු ආර්ථිකය පමණක් නොව ප්‍රධාන ආර්ථික හවුල්කරුවන් ලෙස කටයුතු කරනවා. මේ ගමන ඔබ අමතක කරලා යන්න බැහැ. ඔබගේ සමාජ,ආර්ථික, ආත්ම ගෞරවය ඇතුළු සියලු තත්ත්වයන් නගා සිටුවිමට අප කටයුතු කරනවා” යනුවෙන් ඔහු පැවසිය.
රත්තොට - රුවන් ධනංජය

popular news
-
Champa Sunday, 24 March 2019 04:08 PM
මෙච්චර කල් ලංකාවේ තිබ්බ ආණ්ඩු ගෙවල් හැදුවේ ඉන්දියාවේ ආධාර අරගෙනද? මේ කරන්නේ තනිකර ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගහන්න ඉන්දියාවට ඉඩ ලබා දීමක්. චන්දයක් එනකොට ඉන්දියාව වතු දෙමල මිනිස්සුන්ට කියනවා ඔඹලට ගෙවල් දුන්නේ අපි. ඒ හින්ද චන්දෙ දෙන්න ඕනේ අපි කියන විදිහට කියල. මේක තනිකරම රටේ ස්වෛරීභාවයට කරන හානියක්. ඊළඟට විල්පත්තු කතාවත් ඇත්ත. විල්පත්තුවේ කැලේ කපල එලි කරපු බව ඇත්ත. එහෙම කැලේ කැපුවේ රිෂාඩ් බතුයුඩින් බවත් ඇත්ත. මට මතක හැටියට මේක පටන් ගත්තේ 2013 විතර. ඊළඟට තියෙන අනිත් බරපතල චෝදනාව තමයි මෙහෙම විල්පත්තු වැසි වනාන්තරේ කපා කපා බතියුඩින් පදිංචි කළේ යුද්දෙන් අවතැන් වූ මිනිස්සු නෙමෙයි වෙන පලාත්වල හිටපු මුස්ලිම් මිනිස්සු කියන එක. මම 2016 LCN එකට ලිව්වා මෙහෙම පදිංචි කරපු මුස්ලිම් මිනිස්සුන්ගේ පහුගිය අවුරුදු 10ක ලිපින check කරන්න කියලා. එහෙම පදිචි කළේ සැලසුම් සහගතව ඒ මිනිස්සුන්ව චන්ද ලැයිස්තු වලට ඇතුල් කරලා එතන ජනවාර්ගික ප්‍රතිශතයේ වෙනසක් ඇති කරන්න. ඊට පස්සේ සිංහල නායකයෝ එක්ක bargain කරන්න. දැනටම ඒක කෙරෙනවා. ඒ නිසයි රනිල්ට තව තව අලුත් ඇමතිකම් රිෂාඩ් බතියුඩින්ට දෙන්න වෙලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

