මේ ආණ්ඩුවට හරියට විදුලියවත් දෙන්න බෑනේ - මහින්ද
මේ ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය විදුලියවත් දීමට නොහැකි ආණ්ඩුවක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (24) පස්වරුවේ නාවලපිටිය, කුරුඳුවත්ත බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය මාවතුපොල අනුරුද්ධ නාහිමියන් රාමඤ්ඤ මහ නිකායේ මහෝපාද්‍යය ධුරයෙන් පිදුම් ලැබීම හා අභිනවයෙන් ඉදිකල චෛත්‍යයේ කොතනිරාවරණය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂනායක වරයා,
“යුද්ධය පැවති කාලයේද තම ආණ්ඩුව කිසිඳු කප්පාදුවකින් තොරව මුලු දිවයිනටම විදුලිය ලබා දුන්නා. අපි නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ, කෙරවලපිටිය වැනි විදුලිබලාගාර හැදුවා. සමහරු ඒ කාලයේ ඒවා හදනකොට අපට බැණ බැණ හිටියා. අපේ ආණ්ඩුව ඒවා හැදුවේ නැත්නම් මේ වනවිට හැම දෙනාටම අඳුරේ සිටිමට සිදුවෙනවා. අධිවේගි මාර්ගය හැදුවා 2018 දී නිමකිරීමට තිබු මධ්‍යම අධිවේගි මාර්ගය තාමත් මේ ආණ්ඩුවට නිම කිරීමට බැරි වී තිබෙනවා.
මම මන්ත්‍රීවරයෙකු, නිතීඥයෙකු, ඇමතිවරයෙකු හා ජනාධිපති ලෙස මෙම ප්‍රදේශයට පැමිණ තිබෙනවා. අපේ පාලන කාලයේ මහින්දානන්ද ඇමතිතුමා මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් විශාල ලෙස සංවර්ධනය කර තිබෙනවා. මෙම ප්‍රදේශයේ ඇතිවී තිබෙන සංවර්ධනය ගැන මම සතුටු වෙනවා. මෙම ප්‍රදේශයේ අපේ කාලයේ නිවාස 1,000ට වැඩි ප්‍රමාණයක් ජනතාව වෙත සාදා දී තිබෙනවා. දැන් වාගේ වචන වලට සීමාවූ සංවර්ධනයක් නොව සැබෑ සංවර්ධනයක් අපි කලා.
මම දැක්කා අගමැතිතුමා කියනවා යාල වල් අලියි හම්බන්තොට සුදු අලියි ඉන්නවා කියලා, හම්බන්තොට දැන් අලි නැහැ. අපි එම ප්‍රදේශවල වරායක්, ගුවන්තොටුපලක්, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සම්මන්ත්රණ ශාලා හදලා තියෙන්නේ. එම සංවර්ධනය මෙම ආණ්ඩුවට ඉදිරියට ගෙනයන්න බැරිවෙලා තියෙනවා. එම නිසා අපට විවිධ චෝදනා කරනවා.
ලොකුම ආයෝජනය කලා කියලා තෙල් පිරිපහදුවකට හා සිමෙන්ති කර්මාන්ත ශාලාවකට මුල් ගල තිබ්බලු. හැබැයි එය කවදා හදයිද දන්නේ නෑ. මේ හදන්නේ හම්බන්තොට ලුණුලේවාය හා කුරුළු අභයභූමි වසා දැම්මට. මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර ඇගයිම් වාර්තා ලබාගෙන නැහැ. සංවර්ධනය හොදයි. නමුත් අවුරුදු හතරක් මොනවද මේ ආණ්ඩුව කළේ. අපි ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතීන් විවෘත කිරීම පමණයි” යැයි ඔහු පැවසිය.
කෂිනි හපුආරච්චි

popular news
-
Nandana Monday, 25 March 2019 09:36 PM
පව් ගොඩක් දුක හිතිලා වගේ ,
Reply : 0 0
weliweriye dil Tuesday, 26 March 2019 09:32 AM
ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !! ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

