මෙවර අයවැයේ යෝජනා නත්තල් සියා ආවා වගෙයි - පවිත්‍රා
අයවැයක් කියන්නේ රටක ආර්ථික ප්‍රතිපත්තිය පිළිඹිමු වන මෙවලමයි. බහුජාතික සමාගම් තමන්ගේ නිෂ්පාදන විකුණාගන්න වෙළෙද දැන්විම් ප්‍රචාරණය කරනවා හා සමානව මේ ආණ්ඩුවත් අයවැය සම්බන්ධයෙන් වෙළෙද දැන්වීම් ප්‍රචාරණය කරනවා. 2019 වසර සඳහා ඉදිරිපත් කරපු අයවැය අතීසාරයට අමුඩ ගැහුවා වැනි අයවැයක් කිව්වොත් නිවැරදියි. ජාතික ආර්ථිකය සවිමත් කරන්න, දේශිය ව්‍යාපාරිකයා නගා සිටුවන්න, රුපියල ශක්තිමත් කරන්න මේ අයවැයෙන් කිසිම යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ. නත්තල් සීයා ආවා වගේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා යැයි පා.ම පවිත්‍ර වන්නිආරච්චි පැවසුවාය.
මන්ත්‍රිතුමිය මෙම අදහස් පළ කළේ අද (18) පොදුජන පෙරමුණේ කාන්තා බල රැස්විමට එක්වෙමිනි.
අද රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් අයවැය සම්බන්ධයෙන් ප්‍රචාරණය කරන දැන්විම් හදන්න, ඒවා විකාශනය කරන්න මොන තරම් මුදලක් මේ ආණ්ඩුව වැය කරලා තියෙනවාද. මෙවැනි නාස්තිකාර වියදම් කරන අය, අමාත්‍යංශයෙන් මේවාට මුදල් වෙන්කරපු අය සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවක් ආපුවම නිතිමය පියවර ගන්නවා.
මේ මුදල්වලින් කාන්තාවන්ට ස්වයං රැකියා ආධාරයක්, කාන්තාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක්, ඇති කළා නම් මොනතරම් වටිනවාද. ඉදිරි වැඩපිළිවෙලක් හෝ හැකියාවක් නැති මේ නඩයට විරුද්ධව ඉතා ඉක්මනින් ජනතාව හන්දියක් හන්දියක් ගානේ විදි බහින බව විශ්වාසයි. ගන්න පඩියෙන් මාසයක්වත් ජිවත් වෙන්න බැරි වුනාම එහෙම වෙනවා. රටේ ජනතාවට ජිවත් වෙන්න බැරි තත්ත්වයක් හදලා දැන් පනතක් ගේන්න සූදානම් වෙනවා ත්‍රස්තවාදය අලුතෙන් අර්ඝ දක්වමින්. මේ හදන්නේ නිදහසේ යන්න එන්න තිබුණ එකත් නැති කරන්නයි" යැයි වැඩිදුරටත් පැවසිය.
කෂිනි හපුආරච්චි

popular news
-
hari Tuesday, 19 March 2019 11:18 AM
පවිත්‍ර අක්කා නතල් පප්ගේ රැවුල කොහෙද තියෙන්න කියල බැලුවනම් හොදයි නේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

