මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු මේජර්වරයෙකු සොයයි
පනාගොඩ යුද හමුදා ජනපදයේ යුද හමුදා සුබසාධන අරමුදලේ සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි අධ්යක්ෂ මණ්ඩලයේ සිටි හිටපු යුද හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇත්තේ කඩවත, මහර, බංගලාවත්ත පදිංචි කරුණා සාගර වාසල කැළණි බණ්ඩාරලාගේ ප්‍රදීපා වසන්ත කුමාර නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ මේජර්වරයා එම අරමුදලෙන් රු. 5,046,115 ක මුදලක් චෙක්පත් මගින් ලබාගෙන මෙම වංචාව සිදු කර ඇති බවත් සැකකරු මේ වන විට පදිංචි ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරු පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011- 2395248 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

popular news
-
rocky Wednesday, 11 July 2018 07:19 AM
හා, හා. රණවිරුවන්ට අරියාදු කොරන්න එපා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

