ඉදිරි දිනවලදී දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය යම් ප්‍රමාණයකින් ඉහළ අගයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී 55 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකිය. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය (45-50 විටින් විට වැඩි විය හැකිය.
බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00කෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුළඟේ වේගය පැ.කි.මී 40-45ත් අතර අගයක් ගන්නා අතර වැසි ඇති වන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
