මුස්ලිම් නියෝජිතයින් පිරිසක් මන්නාරම් රදගුරු හමුවී සාකච්ඡාවක
රට තුළ ඇතිව තිබෙන වත්මන් වාතාවරනය හා සාමාන්‍ය මුස්ලිම් ජනතාවට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රි ලංකා ජමියද්දුල් උලාමා සභාවේ මුස්ලිම් නියෝජිතයින් පිරිසක් ඊයේ (28) සවස මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු හිමිපාණන් හමු විය.
මන්නාරම් රදගුරු නිවසේදී මෙම හමුව සිදුවූ අතර එහිදී මන්නාරම් රදගුරු සමඟ මුස්ලිම් නියෝජිතයින් සාකච්ඡාවක නිරත වූහ.
එහිදී මන්නාරම් රදගුරු හිමිපාණන් මුස්ලිම් නියෝජිතයින්ට දැනුම් දී සිටියේ සුළු පිරිසක් සිදු කරන ත්‍රස්ත ක්‍රියාවන් වෙනුවෙන් සමස්ත මුස්ලිම් ජනතාවට කිසිදු අවස්ථාවක පීඩාවක් සිදු නොවන බවටත් අනවශ්‍ය බියක් ඇති නොකර සාමාන්‍ය පරිදි ජීවත් වන ලෙසටය.
එමෙන්ම මන්නාරම් දිස්ත්‍රීක්කයේද විශාල මුස්ලිම් ජනතාවක් ජීවත් වන අතර ඔවුන් හා කතෝලික ජනතාව ඉතා සුහදත්වයෙන් කටයුතු කිරීමත් අනොන්‍ය බැඳීම් හා විශ්වාසයන් වැඩි දියුණු කරගත යුතු බවටද මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු හිමිපාණන් වැඩිදුරටත් දැනුම් දෙනු ලැබීය.
එමෙන්ම ජමියද්දුල් උලමා සභාවේ නියෝජිතයින්ද එහිදී කියාසිටියේ රටේ සිදුව ඇති වාතාවරනය අනුව මුස්ලිම් ජනතාව දැඩි බියකින් ජීවත් වන අතර එම ජනතාවට සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට සියලු දෙනාගේම සහායද අවශ්‍ය බවටය.

popular news
-
chathuri Tuesday, 30 April 2019 04:11 AM
දැන්. අපේ. රටේ. ඕනෑවටත් වැඩිය ,පල්ලි ,පන්සල් ,කෝවිල් තියෙනවා , නැවත. කිසිම. ආගමකට අලුත් පුජනිය. ස්ථාන සැදීම. නතර. කරන්න. ඕන. , බොරු. රගපෑමක්. සමහරු. කරන්නේ දෙවියෝ. රවට්ටමින් , ඒකයි රටේ ලොකුම. සාපය , දැන් දුරකතනවලින් අන්තර් ජාලයෙන් ඕනෑම පල්ලියක විශේෂ. පුජාවල්. සජීව. බලන්න පුළුවන්. , අඩියෙන් අඩිය මේවා හදන. එක නතර කරන්න ඕන තිරිසන්නු. වගේ. හැසිරෙමින්. , මේ. කරන නාඩගම්. නතර කරන්න ඕන ලොකු. ලොක්කොත්. රජයේ මුදලින්. ,තිරුපති. වන්දනා නඩේ පිටින් යන. ඒවා. නතර කරන්න ඕන, , ඉන්දියාවේ ඉන්න දුප්පත්. මිනිසුන්ට. මේදෙවියෝ පිහිට. වෙනවනම් ඇයි ඒ. මිනිස්සු. ඔය තරම්. දුක්. විදින්නේ අපේ ලොක්කන්ට නුවර මාලිගාව හොඳ. මදිද . ඒ තරම් පින්වත් උදවියද . මේ මුස්ලිම්. අයට ,බෞද්දයින්ට සමහරුන්ට. පුදුම අමාරුවක් තියෙන්නේ. දෙවියන්. හොයාගෙන. යන්න. , දෙවියන්ගෙන් මොවුන්ට ලබිමකුත්. නැහැ. සනසිමකුත් නැහැ,දුක. විතරයි. ,
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

