මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යෙය් අවසන් දේව මෙහෙය බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) දින සවස පැවත්විමෙන් පසුව අවසන් විය.
ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ ආරක්ෂාව යටතේ මෙන්ම සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයන් යටතේ සතියක් පුරාවට බැතිමතුන් කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් දේව පූජාවන් වෙනුවෙන් සහභාගී වූහ.
කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් මෙවර වට්ටාපලේ වාර්ෂික මංගල්‍යයන් වෙනුවෙන් පසුගිය වසර වල මෙන් බැතිමතුන් විශාල පිරිසක් සහභාගී නොවූ අතර දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වූ බැතිමතුන්ට අවහ්‍ය පහසුකම් සැපයීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබුණි.
මේ අතර මුලතිව් වවට්ටාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයන් වෙනුවෙන් සෑම වසරකම අවසන් දේව මෙහෙය වෙනුවෙන් ගුවන් හමුදාවෙන් මල් ඉසීම සිදු කෙරෙන අතර මෙවරද ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් මල් ඉසීම සිදු විය.
මුලතිව් සිලාවත්ත මුහුදු තීරයෙන් මුහුදු ජලය ගෙන පසුගිය 01 වනදා සිට මුහුදු ජලයෙන් සතියක් පුරාවට පහන් දල්වා ඊයේ දින සවස අවසන් දේව මෙහෙයෙන් පසුව වාර්ෂික මංගල්‍යය අවසන් කිරීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන තිබුණි.

