මීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක් ගිලාබැසීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේයන්ගොඩ දක්වා පමණක් දැනට සීමා කර තිබේ.
එම මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කඩිනමින් පිළිසකර කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.