රටට අවශ්‍ය මිනී මරණ, මර්දනය වපුරන පාලකයෙකු නොවන බවත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන පාලනයක් සහ ජාතික සමගිය ඇතිකරීමට හැකි පාලකයෙකු රටට අවශ්‍ය බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ අද (24දා) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“රට පාලනය කරනවා නම් රටට ආදරය කරන, හොරකන් කරන්නේ නැතුව බය නැතිව තීරණ ගන්න පුළුවන් පුද්ගලයෙකු තමයි මේ රට පාලනය කරන්න ඕන.අපිට ඕන නෑ මිනී මරලා, ගහලා, කොටලා රටක් පාලනය කරන්න
අපි සිංහල බෞද්ධ රටක්. එය මුස්ලිම්, දමිළ ජනතාව පිළිඅරගෙන තියෙන දෙයක්. ඒක වෙනස් කරන්න කියලා කවුරුත් කතා කරන්නේ නෑ. නමුත් අපි ජාතීන් අතර සමගිය ඇති කරන්න ඕන, ආගම් අතර සමගිය ඇති කරන්න ඕන. ඒක තමයි මේ රටට අවශ්‍යවම තිබුණ දේ. මේ අවුරුදු 03 ඇතුළත ඒක ඉතාමත් හොඳට කරන්න ලැබුණා.
මං අද ඉතාමත් ආඩම්බර වෙනවා. අපි මොන තරාතිරමේ කෙනෙක් වුණත් ආගම් භේද ජාති භේද ඇති කරලා මේ රට විනාශ කරන්න හදනව නම් ඒකට විරුද්ධව ඉතාමත් තදින් නැගී සිටිනවා“යැයි වැඩිදුරටත් පැවසීය.
