තම මිතුරාගේ ATM කාඩ්පතක් සොරාගෙන වවුනියාව ප්රදේශයේ රාජ්ය බැංකුවකින් රුපියල් ලක්ෂයක් ලබාගත් පුද්ගලයෙකු ඊයේ (21දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු වවුනියාවේ පිහිටි රාජ්ය බැංකුවක් අසලට ගොස් තමන්ගේ ඇස් නොපෙනෙන බවත් තම ATM කාඩ්පතින් රුපියල් ලක්ෂයක් රැගෙන එය ලබාදෙන ලෙසත් එහි සිටි කාන්තාවකට පවසා ඇති අතර එලෙස මුදල් ගෙන යළි ලබාදෙන අවස්ථාවේ අදාළ කාන්තාවට සැක සිතී ඒ බව අසල සිටි තරුණයන් පිරිසකට දන්වා ඇති බවත් එහිදී සැකකාර තරුණයා පලාගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
අනතුරුව අදාළ තරුණයන් පලායෑමට උත්සාහ කළ සැකකාර තරුණයා අල්ලා පහරදී ඇති බවත් පසුව ඔහු විසින් අදාළ ATM කාඩ්පත මිතුරෙකුගෙන් සොරාගත් බවත් ආරක්ෂක කැමරාවලට හසුවේ යැයි බියෙන් කාන්තාවක ලවා මෙලෙස මුදල් ලබා ගත් බවත් පවසා තිබේ.
සැකකාර තරුණයා පසුව වවුනියාව පොලීසියට බාරදී ඇති අතර ඔහු මුලතිව් ප්රදේශයේ ආරක්ෂක අංශයේ කටයුතු කරන පුද්ගලයෙකු බවට වවුනියාව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වවුනියාව පොලීසිය සිදුකරයි.

