මැතිවරණයෙන් පසු එජාපය තවදුරටත් ශක්තිමත් වනවා - අකිල
මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් වන බවත්, සමගි ජනබලවේගය සමග එක්වූ පිරිසෙන් ඇතැම් අය මේ වන විට නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වෙමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එලෙස පැමිණියත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් ගිය අය නැවත නොගන්නා බවත් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
අද (06දා) පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මහතා,
"මේ වන විට බඩු මිල ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙනවා. රජයට හරි වැඩපිළිවෙළක් නැහැ. පොහොර නොමිලේ දෙනවා කිව්වත් අද මුදලට ගන්නවත් නැහැ. ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ නිසා ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. දැන් ආණ්ඩුවේ අලුත්ම වැඩපිළිවෙළ වෙන්නේ රාජ්‍ය සේවක වැටුපට තට්ටු කිරීමයි. මේ රජය නැවත පත් වුවහොත් රාජ්‍ය සේවක වැටුපට තට්ටු කිරීම කිසිදු අයුරකින් නතර කරන්න බැහැ.
මේ අසමත් ආණ්ඩුව මැතිවරණයක් පෙනි පෙනී ලයිට් බිල, වතුර බිල වැඩි කර තිබෙනවා. ආයෝජන ගොඩනැංවීම සඳහා ණය මුදල් ලබා දෙන බව පැවසුවත් එවැනි දෙයක් ක්‍රියාත්මක වන ආකාරයක් පෙනෙන්න නැහැ. ආණ්ඩුවට ආර්ථිකය ගොඩනැංවීම සඳහා කිසිදු ක්‍රමවේදයක් නැහැ. නොයෙක් අය නොයෙක් කතන්දර කියමින් සිටිනවා පමණයි.
ආදායම් උපයා ගන්නා ආකාරය, ජීවන වියදම මෙන්ම ගෝලීය ප්‍රශ්නවලට මුහුණදෙන ආකාරය පිළිබඳවත් ආණ්ඩුව වහාම ප්‍රකාශයක් කළ යුතුයි. ඒ නිසා විවිධ වල්පල් කතා කියමින් කාලය කන්න එපා කියල අපි ආණ්ඩුවට කියනවා" යනුවෙන්ද සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Tuesday, 07 July 2020 05:40 AM
United you all stand; divided you all fall.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
