ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට විරුද්ධ පක්ෂයක් නොවන බවත් , මහ මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තේරි පත් වන මන්ත්‍රිවරුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්වි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කිරිමට කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසිය.
දයාසිරි ජයසේකර මහතා එ බැව් කියාසිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙළිය ආසනයේ පක්ෂ කාර්යාලය අද (19) දින විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහ ලේකම්වරයා කියාසිටියේ මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව තරග කිරිමට තිරණය කර තිබුණද තම පක්ෂයට ලැබුණු අපෙක්ෂක ගණන අඩුවිම හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කිරිමට තිරණය කල බවයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ද සහයෝගය දක්වන පිරිසක් බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියා සිටින්නේ.
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග ඇමරිකාව අද සොහොන් බිමක් බවට පත් වි ඇති බවත් , ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා නොවුයේ නම් ඇමරිකාවේ තත්ත්වයට ශ්‍රි ලංකාවද පත් වන බව දයාසිරි ජයසේකර මහත පැවසිය.
නියම ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙකු විමට නම් පාද දෙකම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුල තබා ගනිමින් කටයුතු කරන ලෙසද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගන්නා ඕනැම අයෙකුට පක්ෂපාතිව කටයුතු කිරිමට පක්ෂ සමාජිකයන් කටයුතු කල යුතු බවයි දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.
