මැතිවරණයට මුදල් සපයාගැනීම අභියෝගයක් නෙමේ - බන්දුල

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාර ව සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ කිසිඳු අභියෝගයක් නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල අනුව මාස 06ක් යන තුරු අවශ්‍ය වියදම් අනුමත කර ගැනීම මෙන්ම වියදම් දැරීම සඳහා ද ඒකාබද්ධ අරමුදලෙන් කිසිඳු අවහිරයකින් තොරව මුදල් ලබා ගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී, පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ රාජකාරි කටයුතු කළ නිළධාරීන්ට ගෙවීම් කටයුතු කිරීම සඳහා කෝටි 02 ක පමණ මුදලක් ගෙවීමට ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කල ඇති විටෙක, ඉදිරි මහමැතිවරණය සඳහා ද මුදල් සපයා ගැනීම රජයට අභියෝගයක් වනු ඇති ද යන්න මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
popular news
-
rocky Saturday, 07 March 2020 08:37 AM
රුපියල් 2500 ක් තිබුනාම මදැයි . එක ඕනනම් මම වුනත් දෙන්නම්!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
