මැතිවරණ කොමිෂමේ සාමාජිකයෙකුට ද්විත්ව පුරවැසිභාවය
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකුට ද්විත්ව පුරවැසිභාවය පවතින බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසිය. අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ලේසිනේ කර ගත්ත වැඩක් නෙමෙයි. මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය ගැන කරලා තියෙන වැඩ ගැන අපිට කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ.
අද පවතින නීති තත්ත්වයේ බරපතල අඩුපාඩු තිබෙනවා. අද අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණයට තරග කරන්න බෑ.
හැබැයි පුදුම සහගත තත්ත්වය තමයි ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණ කොමිෂන් සභාවේ සාමජිකයෙකු ලෙස කටයුතු කරන්න පුළුවන්.
සේරටම වඩා වැදගත් කාර්ය භාරය පැවැරිලා තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට ඒ මැතිවරණ කොමිෂන් සභාවේ වෙන රටක පුරවැසියෙක් ඉන්නවා.
මේ ළඟදී විශාල ආන්දෝලනයකට ලක්වූ කොමසාරිස්වරයා වෙන රටක පුරවැසියෙක්. එයාට කිසිම බාධාවක් නෑ. මේක පිළිගන්න පුළුවන්ද? සාධාරණද? "
popular news
-
Deepal Nirosh Monday, 15 June 2020 03:28 PM
වැඩකට නැති ප්‍රශ්න කතා නොකළ ද්විත්ව නෙවි ත්‍රිත්ව පුරවැසි කොමිසමකින් හරි කමක් නැහැ,ප්‍රකාශයට පත් කරල තියන මැතිවරණය දැන්වත් පවත්වගන්න උත්සාහ කරන්න. ඔය ප්‍රශ්න ඊළඟ පාර්ලිමේන්තුවෙ දි කතා කර ගන්න.
Reply : 0 3
Demuni Uduwara Monday, 15 June 2020 10:04 PM
What about Basil Rajapaksa?
Reply : 0 0
Nandana Tuesday, 16 June 2020 05:00 PM
Go front your home mirror,ask how many in your family?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

