මැති ඇමති වැටුප් වැඩිකිරීමට පක්ෂ නායකයන් එකඟවුණා
මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිකිරිමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟ වූ බවත් මන්ත්‍රී වැටුප් වැඩිකිරීමට සිදුවෙන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2006 වසරේදී ගෙනා ආ යෝජනාවකට අනුව බවත් රාජ්‍ය
මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතු 10 සේවයේ නියුතු වතු කම්කරුවන් 800ක් වෙත පර්චස් 7ක සින්නක්කර හිමිකම් හිමි හරිත භුමි ඔප්පු ප්රදානය කිරිමේ උත්සවයකට එක්වෙමිනි.
“පසුගිය කාලයේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වුණා. (මේ අනුව)මහින්ද රාජපක්ෂ ගෙන ආ නිතියට (විනිසුරන්ගේ වැටුප් වැඩිමීමට සාපෙක්ෂව) අනුව මන්ත්‍රි වැටුප වැඩි කරන්න සිදු වෙනවා.
පසුගියදා පාර්ලිමේනතුවේදී පක්ෂ නායකයින් සියළු දෙනාම රැස්වු අවස්ථාවේදී මේ සඳහා සියළුම පක්ෂ නායකයින් අත් උස්සලා එකඟ වුණා. ඒක තමයි ඇත්ත. නමුත් අපි තාම මේක ක්‍රියාත්මක කරලා නෑ අපි ජනතාවගේ ප්‍රශ්න ගැන දන්නවා.”
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි

popular news
-
Champa Sunday, 05 August 2018 09:11 AM
මහින්ද රාජපක්ෂගේ අනිත් ඔක්කොම නරකයි හැබැයි මේක හොඳයි නේද? ඒ කාලේ පඩි වැඩි කලාට මිනිස්සු මුකුත් කියන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් මිනිස්සුන්ට මේ වගේ බදු ගහල, රස්සා නැති කරලා, ණය කරලා, ව්‍යාපාර කඩා වට්ටලා මිනිස්සුන්ව හතර ගාතෙන් වට්ටලා තිබුනේ නැහැනේ. මිනිස්සු ඒ කාලේ දෙපයින් හිටගන හිටියේ. හොඳට තමන්ගේ ව්‍යාපාර පවත්වා ගෙන ගිය දේශීය ව්‍යාපාර කඩා වට්ටලා දැන් කියනවා ආණ්ඩුවෙන් ණය දෙනවලු අලුත් ව්‍යාපාර පටන් ගන්න. අන්තිම ඔල්මාද ආණ්ඩුවක් මේක. අන්න ජනාධිපතිතුමා කිව්වා එයා වගේ 4 ගුණයක් පඩි ගන්නවලු මැති ඇමතිවරු. මම නම් ඒ බවක් දනන් හිටියෙත් නැහැ. මින්ස්සු පාර්ලිමේන්තු එව්වේ මේස හැන්දක් එක්ක. දැන් ඒක සවලක් තරම් ලොකු කරගෙන හොඳට බෙදාගෙන තියෙනව. වීනිශ්චයකාරයොයි මන්ත්රීවරුන්ටයි සාපේක්ෂව බලන පඩි වැඩි වීම ජනාධිපතිට බලපාන්නේ නැත්තේ මොකද? ඒ කියන්නේ ආණ්ඩුව විනිශ්චයකාරයන්ගේ පඩි වැඩි කරලා තියෙන්නේ කපටිකමට. පස්සේ ඒක පිට දාලා තමන්ගේත් පඩි වැඩි කරගන්න. රටේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ තිත්තයෙක්. එතකොට පුළුවන් ඔක්කොම දේශපාලන කොක්කුන්ට තිත්ත බෙහෙත් දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

