මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමට අත්සන් තැබේ
මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම අද(11) දින මුදල් අමාත්‍යාශයේදී සිදුවිය.
එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 1,850ක ණය මුදලක් ජපානයේ ජයිකා (න්ෂක්) ආයතනය විසින් ලක් රජය වෙත සැහැල්ලු දුම්රිය සේවය සඳහා ලබා දෙන අතර, එහි පොළිය සියයට දශම එකකි.
දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට ප්‍රධාන විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව මහනගර ඇමති චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි මහානගර අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
2024 පමණ වනවිට මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය සේවයේ සියලු ඉදිකිරීම් අවසන් වීමට නියමිතය.
දුම්රිය නැවතුම්පොළවල් 16කින් මෙය සමන්විතය.
මාළඹේ සිට කොටුව දක්වා විනාඩි 32කින් ගමන් කිරීමට මගීන්ට මෙමගින් අවස්ථාව සැලසෙන අතර, සමස්ත දුර ප්‍රමාණය කි.මී. 17කි.
මහානගර අමාත්‍යාංශය මගින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Tuesday, 12 March 2019 03:11 PM
කිලෝ මීටර් 17 කට ඇමරිකන් ඩොලර් මිලියන් 1850 ක්!!!!!! ඒ කියන්නේ එක කිලෝ මීටරයකට ඇමරිකන් ඩොලර් මිලියන් 108.82ක්. මේක ජාතික අපරාධයක්. ඒ මොකොද කිව්වා නම් මේක හදන්නේ කිලෝ මීටර් 17 ක වගේ කුඩා දුරක තියෙන traffic අඩු කරන්න නිසා. මෙගොල්ලන්ටත් ඕනේ මහින්ද කළා වගේ ලොකුවට පේනන තියෙන මොකක් හරි කරන්න මිසක් ඇත්තටම මේ ගන්න විශාල ණය මුදලේ, ගන්න නෙමෙයි ගත්ත ණය මුදලෙන් කරන වැඩේ තියෙන ලාමක කම නෙමෙයි. ඕක හරි යන්නේ නැහැ. Traffic අඩු කරන්න තව කොච්චර ක්‍රම තියෙනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
