මාවනැල්ල නගරයට ආසන්න ප්රදේශ කිහිපයක බුදුපිළිම 9කට අලාභානි කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 11 දෙනා තවදුරටත් පෙබරවාරි 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්රාත් උපුල් රාජකරුණා මහතා අද 30 නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කර ඇත්තේ මාවනැල්ල, ගම්පොළ ගෙලිඔය, පොළොන්නරුව තඹාල ප්රදේශවල පදිංචි වයස අවුරුදු 20 හා 30 අතර වයස් සීමාවන් වල පසුවෙන පුද්ගලයන්ය.
මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන මෙ වන විට තොරතුරු වාර්තා වි ඇති ප්රධාන සැකකරුවන් වන අයියා සහ මල්ලි යන මාවනැල්ල ප්රදේශයේ පදිංචි සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවන් මෙ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් ප්රදේශය අතහැර පළා ගොස් ඇති බවද පොලිසිය කියයි. එම නිසා එම සැකකරුවන්ගේ පියා මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

