තමාව රත්මලාන එක්සත් ජාතික පක්ෂ සංවිධායකධුරයෙන් ඉවත්කිරීමට ඇතැම් අය කටයුතු කළත් තමාව එසේ ඉවත් කිරීමට කාටවත් හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. රත්මලානේ ඊයේ (04දා) පැවැති වැඩසටහනකදී ඇය මේ බව ප්‍රකාශ කළාය.
“සමහර අය උත්සාහ කරනවා මාව මේ සංවිධායක ධුරයෙන් පළවා හරින්න. මොකද මම ඒ අයට තනතුරු දුන්නේ නෑ කියලා. මම තනතුරු දෙන්නේ වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඒ හින්දා වැරදි ප්‍රචාර වලට අහුවෙන්න එපා. පසුගිය දවස්වල රාවයකුත් ගියා මම සංවිධායක ධුරයෙන් ඉවත් කරලා කියලා. එදත් කිව්වා අදත් කියනවා මාව දුම්මල ගහලවත් කාටවත් අයින් කරන්න බෑ.”
