මාලදිවයින වෙරළාරක්ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව සුහදතාව වර්ධනය කරගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (07දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. දින 03ක නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව හෙට (09දා) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.
