මාර්තු,අප්‍රේල්,මැයි මාස වෙනුවෙන් ලංවිමට අයවිය යුතු මුදල රු.කෝටි 2000 ඉක්මවයි
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය නිසා පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ විදුලිබලය සැපයීම වෙනුවෙන් මහජනතාව වෙතින් සහ විවිධ ආයතනවලින් අය විය යුතු මුදල් මෙතෙක් මණ්ඩලයට ලැබී නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (17) දැනුම් දි තිබේ.
ඒ අනුව ඇදිරිනීතිය ක්‍රියාත්මක වූ මාස තුන වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අය විය යුතු සම්පූර්ණ මුදල මේ වනවිට රුපියල් කෝටි 2000 ඉක්මවා ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරන ලද විමසීමක් සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා විසින් දැනුම්වත් කරනු ලැබ ඇත.
පසුගිය මාස තුන තුළ විදුලි බිල්පත් විධිමත්ව බෙදා හැරීමක් සිදු නොවූ නිසාත්, කොවිඩ් 19 නිසා පනවන ලද ඇදිරිනීතිය හේතුවෙන් මනු කියවන්නන් හට පාරිභෝගික නිවෙස් වෙත යාමට නොහැකි වීමත් ඊට බලපා තිබේ.
එසේ වුවද පසුගිය කාලය පුරාම අඛණ්ඩව විදුලිය පාරිභෝගිකයන් සඳහා සැපයීමට විදුලිබල මණ්ඩලය පියවර ගත් අතර මේ වන විට විධිමත් පරිදි බිල්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබෙන හෙයින් විදුලිය බිල්පත් ගෙවීමට කටයුතු කිරීම මහජනතාවගේ වගකීමක් බව අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කර සිටියේය.
එසේ වුවද තවමත් මහජනතාවගේ ආර්ථික තත්ත්වයන් මෙන්ම ආදායම් ඉපයීමේ මාර්ග නිසියාකාරව සිදු නොවන නිසා වාරික වශයෙන් එම විදුලි බිල්පත් ගෙවීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තුළ ද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (17) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී මෙම කරුණු අනාවරණය විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

