මාරවිලදි මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සිවුදෙනා දෙසැ.16 තෙක් රිමාන්ඩ්
මාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී හෙරෝයින් හා අයිස් කිලෝ 200 සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනා දෙසැම්බර් 16 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරිමට මාරවිල අතිරේක මහේස්ත්‍රාත් රසික අබේසිංහ මහතා නියෝග කෙරුණි .
මෙසේ රක්ෂීත බන්ධනාගාර ගත කලේ වෙරගොඩගමගේ දොන් ශීරන්ත බෙනිඩස් රවින්ද්‍ර ( නොහොත් ශාන්ති ) , මන්ත්‍රිගේ චමින්ද ප්‍රදිප් කුමාර ,ආරච්චිගේ අතුල ප්‍රියන්ත සුභසිංහ,මොහොමඩ් ප්‍රියාස් මොහොමඩ් ෆස්ලි නැමති කොළඹ දෙමටගොඩ හා ගනේමුල්ල යන ප්‍රදේශ වල පදිංචි කරුවක් බව කියයි.
මාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී අදාල සැකකරුවන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සමග සැදුම්ලත් කණ්ඩායමක් මාසයකට ආසන්න කාලයක් සිදුකල දැවැන්ත මෙහෙයුමකින් පසුව බව කියයි.
බන්ධනාගාර ගත කල සැකකරුවන් දකුණු තොඩුවාව ප්‍රදේශයේ සංචාරක නිකේතනයකදී සුරා බදු නිලධාරි විසින් අත් අඩංගුවට ගෙන තිබුනේ ඩුබායි සිට මුහුදු මාර්ගයෙන් මෙරටට එවා තිබු හෙරෝයින් කිලෝ 100 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් සමගිනි.
අදාල මත්ද්‍රව්‍ය තොගයේ වෙළද වටිනාකම රුපියල් කෝටි 300 කට ආසන්න බව සුරාබදු නිලධාරින් පවසයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

