මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ
මාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි (72) හිමියන්ට පහරදි ඝාතනය කර තිබියදි අද (01) උදෑසන සොයාගත් බව නාගොඩ පොලීසිය පවසයි.
උන්වහන්සේ දාන ශාලාව තුල වැටි සිටියදි සොයාගෙන ඇති අතර මෙය පහරදිමකින් සිදුව ඇති ඝාතනයක් බවට සැකකරන බවද පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ විහාරස්ථානයේ සිටි ගෝලයෙකු ඝාතනයට ලක්වු හිමියන්ගෙන් මුදල් ඉල්ලා නොදිම නිසා ඇතිවු ආරවුලකදි පොල්ලකින් පහරදි ඝාතනය කොට ඇති බව අනාවරණය වි ඇති බවය.
සැකකරු මේ වනවිට පළාගොස් ඇති අතර සැකකරු හඳුනාගෙන ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහතා ඇතුලු කණ්ඩායමක් විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

popular news
-
dilal Wednesday, 01 May 2019 04:39 PM
මුදල් සම්බන්දය තවත් වැඩිහිටි හිමිනමක් ඝාතනයකර තිබුනේ පසුගිය මාසයේ නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

