මානව හිමිකම් සංවර්ධනයට යහපාලන රජය සමත් වී නෑ - UNO
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවර්ධනය කිරීම සඳහා වත්මන් යහපාලනය රජයද අපොහොසත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේද සංචාරයක නිරත වූ බෙන් එමසරන් සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් වත්මන් රජය ගෙන නොමැති බවයි.
බෙන් එමර්සන් එංගලන්තයේ නිතිඥවරයෙකු වන අතර ඔහු මානුෂිය නීතිය සම්බන්ධයෙන් විශේෂඥයෙකුද වෙයි.
බෙන් එමසර්සන් ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ඔහු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ රජයේ නියෝජිතයන්, ආරක්ෂක අංශ නියෝජිතයන්, අධිකරණ හා බන්ධනාගාර නිලධාරීන්ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීම මෙන්ම සාධාරණ අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බවද ඔහු සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත. හිංසාවන්ට ලක්වූවන්ට හා ත්‍රස්ත විරෝධී පනත හේතුවෙන් අධිකරණය හරහා අසාධාරණයට ලක්වූවන්ට මෙතෙක් සාධාරණය ඉෂ්ට වී නොමැති බවත් ඔහු පෙන්වා දි තිබේ.
එසේම ප්‍රශ්න කිරීම්වලදී ශ්‍රී ලංකාවේ භාවිත කර තිබූ අමානුෂික ක්‍රියාවන් සම්බන්ධයෙන් තමන්ට දැන ගැනීමට ලැබුණ බවත් යුද්ධයෙන් පසුව හා ඊට පෙර මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලංකාවේ මානව හිමිකම් කඩවීම බරපතළ තත්ත්වයකට පත්වූ බවත් ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ නව රජය ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන බවට ප්‍රකාශ කළත් මේ දක්වාම එය ක්‍රියාත්මක බවත් එම පනත හරහා ඇතැම් පුද්ගලයන් අවුරුදු 10ක පමණ කාලයක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇති බවත් ඔහු සිය වාර්තාවෙන් පවසයි.
theguardian.com ඇසුරෙනි
popular news
-
Champa Tuesday, 24 July 2018 07:14 PM
\What is hilarious is when Prabhakaran killed innocent civilians throughout his 34-year terror era, UN/Emmerson or nobody was there to talk about the human rights of approx. 100K civilians massacred by Prabhakaran. Prabhakaran is the world’s biggest human rights abuser. Yet Emmerson doesn’t say a word about HR violations committed by Prabhakaran or victims of LTTE terrorism. Emmerson's application of HR is selective. It's amazing to see how many UN officials, present/former, readily come forward to protect terrorists arrested under PTA. GOSL can repeal PTA when countries like UK stopped allowing exiled LTTE terrorists to use their soil to resurrect the outfit. Where was Emmerson when his own country sheltered Anton Balasingam/his wife who collected funds for LTTE with the knowledge of the British Intelligence? UK is a haven for terrorists. Emmerson has no right to tell the GOSL to repeal PTA. Sri Lanka can do so when UK arrest Adela and exiled LTTE cadre under British Terrorism Laws.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
