මාධ්‍යයට සිදු වන බලපෑම් පිළිබඳ විවාදයට ඝන පූර්ණය නෑ
වත්මන් රජය යටතේ මාධ්‍යයට සිදු වන බලපෑම් පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් පැවැත්වීමට නොහැකිවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීරංජිත් සොයිසා මන්ත්‍රීවරයා විසින් මෙම කල්තැබීමේ යෝජනාව අද (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළේය.
මන්ත්‍රීවරයා යෝජනාව ඉදිරිපත්කර අදහස් දක්වන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති බව මූලාසනයට දැනුම්දුන්නේය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සීනුව නාද කළ අතර, මිනිත්තු පහක් සීනුව නාද කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටියේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණි.
ඒ අමාත්‍ය මංගල සමරවීර සහ විපක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණි. පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (10දා) තෙක් කල්තැබිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

