මාධ්‍යවේදීන්ට හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂක අංශයට පවරාගැනීම, අධීක්ෂණය කිරීම හෝ කුමන ආකාරයකින් හෝ බලය පවරා ගැනීමක් සම්බන්ධව කිසිදු ආකාරයක යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ බවට සිදු කරන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සඳහන් කර සිටියි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැදුනුම්පත සම්බන්ධව පසුගියදා මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වූ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව කරුණු දක්වමින් අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මේ බව ප්‍රකාශ කළේ ය.
