මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders) පවසයි. ඒ අනුව රටවල් 180ක් අතරින් මේ වසරේදී ශ්‍රී ලංකාව 126වැනි ස්ථානයට පත්ව තිබේ.
2013 වසරේදී ශ්‍රී ලංකාව 162 වැනි ස්ථානයේ සිටි අතර මෙසේ ගතවූ වසර කිහිපය තුළ ක්‍රමයෙන් 126 දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ලෝකයේ මාධ්‍ය නිදහස ඉදිරියෙන්ම පසුවන රට ලෙස නෝර්වේ ඉදිරියෙන්ම පසුවෙයි. ලෝකයේ මාධ්‍ය නිදහස අවම රට ලෙස ටර්කිමේනිස්තානය පත්ව තිබේ. චීනයේ රටවල් 180 අතරින් 177 වැනි ස්ථානයේ පසුවෙයි.
දකුණු ආසියානු රටවල් ගත් විට බංග්ලාදේශය - 150, පාකිස්තානය 142, ඉන්දියාව -140, ඇෆ්ගනිස්ථානය 121, නේපාලය 106, මාලදිවයින 98, භූතානය 80 යන ස්ථානයන්හි පසුවෙයි.

popular news
-
Saththaya Friday, 19 April 2019 07:13 AM
අපිට නම් පෙනෙන්න තියෙන්නේ , කාට හරි ගැතිවෙලා ගෙනයන මාද්‍ය . ඇත්ත මහජනයාට නිර්බයව දෙන්න කව්රුත් නැහැ වගේ . ඒ නිසා ජනතාවට ප්‍රවුත්ති බලන එක එපා වෙලා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

