මාතලේ දිස්ත්‍රික්කයේ ස්වභාවික වනාන්තර වල පිහිටි වටිනා පැළෑටි ගලවා විවිධ ඉදිකිරිම් ආයතන වලට විකිණිමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පරිසර හිතකාමිහු කියා සිටිති.
කළුවර,නුග,බුරැත,දිවි කදුරැ,බිං කොහොඹ,බක්මී ඇතුළු වටිනා ශාක පැළ ජාවාරම්කරුවන් විසින් සුක්ෂ්මව ගලවා තැරැව්කරුවන්ට අලෙවි කරන බව ඔවුහු කියා සිටිති.
වසර දහස් ගණනක් පැරණි මාතලේ සොබා රක්ෂිත රැසක් පවතින අතර ඒවායේ වසර දහස් ගණනක් පැරණි විවිධ පැළෑටි වර්ගද අතිවිශාල ප්‍රමාණයක් පවතියි.
විවිධ ඉදිරිකිම් සිදුකරනු ලබන සමාගම් විසින් මෙම පැළැටි උද්‍යාන අලංකරණය, සංචාර හෝටල් භූමි අලංකරණය ආදි කටයුතු සදහා මෙම පැළැටි භාවිත කරති.
කලක් තිස්සේ ඉතා සුක්ෂ්මව සිදුකරනු ලබන මෙම ජාවාරම ක්‍රම කිහිපයක් යටතේ සිදුවන බව තොරතුරු අනාවරණය කරන පිරිස් කියා සිටිති.
ඇතැමෙක් වනාන්තර ගත පැළෑටි විවිධ හැඩතල යටතේ සකසා (බොන්සායි පැළ) ප්‍රසිද්ධියේ අලෙවි කරන ස්ථාන පවතින බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ වල අවධානය යොමු විය යුතු බවත් ඔවුහු අවධාරණය කරති.
කලක් තිස්සේ ඉතා සුක්ෂ්මවව සිදුවන වන පැළ ජාවාරම පිටුපස සංවිධානාත්මක කල්ලි සිටින බවත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස් ද මාතලේ දිස්ත්‍රික්කය පුරා සංවිධානාත්මකව කටයුතු කරන බවත් තතු දත් පිරිස් කියා සිටිති.
මාතලේ දිස්ත්‍රික්කයේ පහසුවෙන් ළඟාවිය නොහැකි සොබා රක්ෂිත ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම වටිනා ශාක මංකොල්ලය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව පරිසර හිතකාමිහු අවධාරණය කරති.
මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන පැළ ජාවාරම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් කල විමසිමක දි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවර ගන්නා බවයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර
