හදිසි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහනුවර උතුර ප්රාදේශිකයට අයත් මාතලේ ජල සම්පාදන ක්රමයට අයත් ප්රදේශ හතරකට පැය 48ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව පලාපත්වෙල ප්රාදේශීය සභා සීමාව හා නගර සභා සීමාව තුල හා මාතලේ නගර සභා සීමාවේ සිට A9 මාර්ගයේ මාතලේ ප්රාදේශීය සභා සීමාව දක්වා ප්රදේශවල හා අලුවිහාරය පන්සල අවට ප්රදේශවලට ජල සැපයුම අත්හිටවනු බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.
හෙට (17දා) උදෑසන 8.00 සිට 19 වැනිදා දක්වා ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරේ.
