2020 මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වි ඇති බවත් පළමු ප්‍රතිපලය දහවල් 01 පමණ වන විට ලබා දිමට හැකි වෙනු ඇති බව මාතලේ තේරිම් භාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා මිට සුලු මොහතකට පෙර පැවසිය.
ඡන්ද ගණන් කිරිමේ මධ්‍ය ස්ථාන 77 කදි සිදු වන බවත් තැපැල් ඡන්ද ගණන් කිරිමේ කටයුතු මාතලේ දිස්ත්රිික් ලේකම් කාර්යාල පරිශ්‍ර7යේ සහ අනෙකුත් ඡන්ද ගණන් කිරිමේ කටයුතු මාතලේ සංඝමිත්තා ජාතික පාසලේ දි සහ මාතලේ ක්‍රි ස්තු දේව ජාතික පාසලේ සිදු කරන බවත් ඒ සදහා නිලධාරින් 5500ක ආසන්න පිරිසක් යොදවා ඇති බවද ඒ මහතා පැවසිය
ඡන්ද ගණන් කිරිමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු වන බවද තේරිම් භාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා පැවසිය.
රත්තොට රුවන් ධනංජය
