මාතර පිහිටි පෞද්ගලික ජුවලරි ආයතනයක් කොල්ලකෑමට පැමිණි අපරාධකරුවන් කිහිප දෙනෙකු හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
අද පෙරවරු 10.00ට පමණ සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාරතර රෝහලට ඇතුළත් කර තිබේ.
එක් පොලිස් නිලධාරියෙකුගේ තත්ත්වය බරපතල බවත් තවත් සිවිල් කාන්තාවක් හා පුද්ගලයෙක්ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
කොල්ලකෑම සඳහා සැකකරුවන් පැමිණි යතුරු පැදි දෙකක් හා ස්වයංක්රීය ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන්ටද වෙඩි තැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කර තිබේ.