මාතර පෞද්ගලික ස්වර්ණාභරණ ආයතනයක් කොල්ලකෑමට පැමිණ අත්අඩංගුවට පත්වූවන් අතර ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාද සිටින බව පොලීසිය පවසයි.
ඔහු පුද්ගල ඝාතන 4කට හා බැංකු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකි. එසේම ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනා මෙන්ම අතඅඩංගුවට පත්වූ අනෙක් සැකකරු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.
එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු අත්තනගල්ලේ පැවැති සංගීත සංදර්ශනයකදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතයක් කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් වෙයි.
