මාතර ස්වර්ණාභරණ ආයතන කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනා ලබන මස 16දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (02දා) මාතර අතිරේක මහේස්ත්රාත්වරිය නියෝග කර තිබේ.
කොස්ගොඩ තාරක සහ ඔහුගේ සහෝදරයා අද අධිකරණයට නොපැමිණි අතර අතුල කිත්සිරි හෙවත් නාරම්මල මලා නමැති සැකකරු පමණක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අදාළ සැකකරු විශේෂ ආරක්ෂාවක් සහිතව මාතර අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අතර සැකරුවන් තිදෙනා අගුණුකොළපැළැස්ස බන්ධනාගාරයේ රඳවා තබා ඇත.
