මාතර කොල්ලයේ සැකකරුවන් 2ක් අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරයට
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලක් කොල්ලකෑමට යෑමේදී ඇතිවු වෙඩි හුවමාරුවේදී තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොල්ලකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අද (24දා) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි පොලිස් රැකවැල් මැද අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
මෙලෙස රැගෙන යනු ලැබූවේ කොස්ගොඩ තාරක හෙවත් ධර්ම කීර්ති තාරක පෙරේරා (30) සහ අතුල කිත්සිරි (28) නැමති සැකකරුවන් දෙදෙනාය.
කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු වෛද්‍ය ප්රතිකාරවලින් පසු රෝහලින් නිදහස් කොට තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස් රථයකට නංවාගෙන සැකකරුවන් දෙදෙනා රැගෙන ගොස් තිබේ. සැකකරුවන් රැගෙන යන අවස්ථාවේ රෝහල අවට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදාවා තිබේ.
කොස්ගොඩ තාරක නමැත්තාගේ සහෝදරයා වන මදුක නිර්මාල පෙරේරා (25) තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම සැකකරුවන් තිදෙනා ජුලි මස 02 වැනි දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට එදින හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහසේත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා ඊයේ (23දා) නියෝග කර තිබේ.



( ජිනේෂ් නානායක්කාර)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

